Wednesday, May 24, 2017

කාම අපරාධ රැල්ලේ නඩුවක් විසදු හැටි

මේ දවස් වල ප්‍රසිද්ද වැඩ වෙනවනේ නේද ?ළමා දුෂණ අතින් නම් ලංකාව කප් එක ගහයි. එක අපිට හොද දෙයක්නම් නෙමෙයි කොහොමත්.......එහෙම නඩුවක් ලැබුණු වෙලාවක විත්තිය වෙනුවෙන් පෙනී හිටපු ලෝයර් නඩුවේ වැරදි කාරයා වෙනුවෙන් පෙනී හිටපු විදිහ තමයි මේ
         
                               
එක දවසක් මිනිසෙක් කැලේ ඇවිදිමින් සිටින අතරතුර ඔහුට මුණ ගැසුනේ කුඩා ගෙම්බෙකි....
මමත් එන්නද ඔබත් සමග ඇවිදින්න ගෙම්බා ඇසුවේය....ප්‍රශ්ණයක් නෑ...............මිනිසා පිළිතුරු දුන්නේය 
ටික වෙලාවකට පසු මිනිසා පෙරලා ගෙදර යාමට සැරසුණි
මමත් එන්නද ?ගෙම්බා විමසිය කමක් නෑ මිනිසා උත්තර දුන්නේය 
තම නිවස වෙත පැමිණි මිනිසා ගෙම්බාගෙන් සමුගැනීමට උත්සහ කලත් ගෙම්බා ඇසුවේ තමාටත් ඔහු සමග රාත්‍රී ආහාරයට වාඩි විය හැකිද කියාය.තරමක් පුදුමයට පත් වූ නමුදු ගෙම්බාට අපහාසයක් වේ යයි සිතු මිනිසා ප්‍රශ්නයක් නෑ එහෙනම් ඇවිත් රෑ කෑමට වාඩි වෙන්න යයි පැවසිය 

රාත්‍රී අහාරයෙන් පසු මිනිසාට නිදා ගැනීමට උවමනා විය ඔහු ගෙම්බාට කිවේ දැන් රෑ බෝ වී ඇති බැවින් කැලයට යන ලෙසය නමුත් ගෙම්බා තමන්ට මේ රෑආපසු යාමට නොහැකි බැවින් රාත්‍රිය මිනිසාගේ නිවසේ ගත කරන්නදැයි විමසිය මෙම ඉල්ලීමෙන් මිනිසා කලබලයට පත් වුවත් වෙන කරන්නට දෙයක් නොමැති තැන එයට එකග විය 

මිනිසා නිදි ඇදට නැගුනු විට ගෙම්බාද එයට ගොඩවී මෙසේ පැවසිය මට ගුඩ් නයිට් කිස් එකක් දෙන්නේ නැද්ද ?සමහරවිට මිනිසා ගෙම්බාගේ බන්දනයට අසුවී සිටියා විය හැකිය ඔහු ගෙම්බා සිප ගත්තේය 
                                      
ඒ සමගම ගෙම්බා අවුරුදු 16 වයසැති තරුණියක් බවට පත් වුවාය ....විත්තිය වෙනුවෙන් කල නිදහසට කරුණු දැක්වීමේ සරංසය එපමණයි ස්වාමිනි බාල වයස්කාර දැරියක් දුසනය කිරීමේ වරදට චෝදනාවට ලක්ව සිටි මිනිසා වෙනුවෙන් පෙනී සිටි ලෝයර් පැවසිය  

No comments:

Post a Comment